Telephoto ලෙන්ස් එකෙන් Landscape ???
Landscape Photography කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ Wide Angle Zoom Lenses නමුත් අපි Telephoto Lens එකක් අරං Photos ගන්න උත්සහ කලොත් ඔයාලට තේරෙයි මේකේ අමුතුම ගතියක් තියෙනවා කියලා. ඒ අපි හැමදාම දකින/ උත්සහ කරන Perspective එක ( දෘෂ්ටිකෝණය ) වෙනස් වෙන නිසයි. මේක බොහොම සරල දෙයක්, Telephoto එකක් අරන් photos ගන්න කොට වෙන්නේ අපිට ඈතින් තියෙන හැම එකක්ම විශාල වෙලා පෙනෙන එකනේ. ඉතිං පොඩ්ඩක් හිතන්න අපි කඳු වල්ලක් Photos ගන්නකොට ඒවායේ Peak එක වෙනමම Capture කරගත්තොත් වෙනසක් වෙයි නේද? පොඩ්ඩක් උත්සහ කරලා බලන්න, එකේ පැහැදිලි වෙනසක් අමුති ලස්සනක් ගැබ් වෙලා තියෙනවා.
( *Tip – Tele- Phone = දුර-කථනය | Tele- Photo – දුර – ඡයාරූප )
පහල තියෙන එක ගත්තේ යාලුවෝ එක්ක knuckles වල ඇවිදිනකොට. ඔය තියෙන්නේ සප්තකන්‍යා කඳුවැටිය මීදුමෙන් වැහිලා තියෙන වෙලාවක.

නිතර දකින දේවල් උනත් telephoto lens එකක් කැමරාවට ගහලා ගන්නකොට එකෙන් අපිට දකින්න ලැබෙන්නේ වෙනස්ම දෙයක්. හැමදාම Wide Angle එකෙන් ගත්තු ටික TelePhoto එකක් ගහලා ගත්තම අපි පෙර නොදැකපු දෙයක් එක බලන කෙනාට පෙන්වන්න පුළුවන්.
මේ තියෙන්නේ මීමුරේ යනගමන් ගත්තු photo එකක්. ඔය තියෙන්නේ ලකේගල.

Telephoto ලෙන්ස් එකෙන් Landscape විතරක් නෙමෙයි තව විවිධාකාර දේවල් අපිට හසුකරගන්න පුළුවන්. ඒ වගේ තව photos ගොඩක් තියෙඅන්ව මගේ Instagram එකේ, ගිහින් බලන්න.
මේ පහල තියෙන්නේ එක එක බ්‍රෑන්ඩ් වලින් හදපු Tele photo Lenses කිහිපයක්
Nikon – 55-300mm 4.5-5.6, 55-200mm 4-5.6 , NIKKOR 70-300mm F/4.5-6.3G ED VR Lens , nikon 70-200mm 2.8F, NIKKOR 80-400mm f/4.5-5.6G ED VR, AF-S NIKKOR 200-500mm F/5.6E ED VR , 180-400mm F4 TC 1.4X , 200-400mm F4 ,400mm 2.8F,500mm F4, 600mm F4, 800mm 5.6
Canon – 55-250mm STM, 75-300mm, 70-300mm, 100-400mm, 200-400mm, 200mm F2, 70-200mm 2.8F, 300mm 2.8, 400 mm 2.8f, 500mm F4, 600mm F4, 800mm 5.6F
Sony – 55-210mm, 24-240mm, 70-300mm, 100-400mm, 70-200mm 2.8F, 400mm 2.8F
තව ගොඩක් Lenses, SIGMA, TAMRON වලිනුත් තියෙනවා. ඒවා CameraLK.com Website එකේ ඇති
කියවන්න – Photos වල Sharpness වැඩිකරගන්නේ මෙහෙමයි.
ස්තුතියි !
Facebook Comments