මේ ටිකේම ඇහෙන මාතෘකාවක් නිසා මම හිතුව Dynamic Range එක ගැන පොඩ්ඩක් මාත් කථාකරන්න ඕන කියලා. 😀
මොකක්ද මේ Dynamic Range එක ? Dynamic Range කියන්නේ Photo එකක ආලෝකය සහ අඳුර අතර ඇති පරතරය. මේක Photography වලදී අගය කරනු ලබන්නේ Stops වලින්. මිනිස් ඇසක Dynamic Range එක Stops 20 යි. එකේ තේරුම එකම අවස්ථාවක අපි මේ ඇත්තටම දකින දේ 1000000 ගුණයක් අදුරුයි අපි පෙනෙන ආලෝක තත්වයට වඩා. ටිකක් තේරුම්ගන්න අමාරු වෙයි. ඒ නිසා මම පහලින් තේරුම් ගන්න ලේසි වෙන්න පින්තුරයක් දාන්නම්.

*Tip – අපි Dynamic Range එක 1 stop එකකින් වැඩි කරනවා කියන්නේ brightness Level එක දෙගුණයක් කරනවා කියන එකයි.
අන්න ඒ නිසා තමයි එලිය හොඳට වැටිලා තියෙනවා වෙලාවක අඳුරෙන් වැසිලා තියෙන දේවලුත් හොඳට පේන්නේ. ඒ නිසා තමයි අපි කාමරයක් ඇතුලේ ඉඳන් ජනේලයක් තියෙන පැත්තක ෆොටෝ එකක් ගන්න කොට එක්කෝ ජනේලයෙන් එන එලිය වැඩිවෙලා එක over expose වෙනවා, අපි camera settings ජනේලයට හරියන විදිහට හැදුවම අනිත් සේරම under expose වෙලා යනවා.


දැන් තේරුනාද මොකක්ද මේ කියන්නේ Dynamic Range එක කියලා.
ඉතිං කලින් කිව්වා වගේ අපිට අපේ ඇහැ වගේ හොඳට photos capture කරගන්න පුළුවන් කැමරා නැහැ. ඒ නිසා අපි කරන්නේ ෆොටෝස් කිහිපයක් ගන්නවා අපිට අවශ්‍ය Exposures ප්‍රමාණයට clip කරලා. ඒකට අපි කියන්නේ Exposure bracketing කියලා. එක උපයෝගී කරගෙන තමයි අපි HDR images හදන්නේ. ඔයාට පුළුවන් ඔයාලගේ කැමරාවේ තියෙන settings වලට ගිහිං බලලා අවශ්‍ය ආකාරයට Bracket කරගන්න. එක සමහර විට photos 3 කින් හදාගන්න පුළුවන් නැත්නම් 5 කින් හෝ 9 කින්.
ඒ විදිහටම අපිට පුළුවන් highlights , Mid tones, Shadows වෙන්කරගෙන Luminosity Mask Plug In එකක් use කරලා Exposure Blending කරගන්න.
දැන් තේරෙනවනේ මොකක්ද මේ Dynaic Range එක සහ එකෙන් අපිට ඇති වාසිය. ඉතින් හැම වෙලාවෙම කලින් විදිහට Bracket කරන්නවත් Blend කරන්නවත් ඕන නැහැ. මේ Dynaic Range එක වැඩි අගයක් තියෙන කැමරාවකින් photo එකක් Under expose කරලා ගත්තම එපිට පුළුවන් එකේ Shadows up කරලා එකේ තියෙන details එලියට ගන්න.

පහලින් තියෙන්නේ Chamodh Chathuranga ගත්ත photo එකක්,

Bonus Tip – ISO කියන්නේ මොනවද ?
ISO Value එකෙන් පෙන්වන්නේ Image sensor එකේ Sensitivity එක, අපි camera එකේ ISO වැඩි කරනකොට Image එකේ Brightness එක වැඩි වෙනවා. අපි high ISO use කරන්නේ අඩු ආලෝක අවස්ටහ්වකදී ආලෝකය වැඩි කරගන්න. හැබැයි ආලෝකය වැඩියෙන් එනවා කියලා අපිට ඕන තරම් ආලෝකය දෙන්න image sensor එකට බැහැ. ISO අගය වැඩි කරනකොට Image Grain වැඩි වෙනවා, ඒ කියන්නේ noise එනවා. ISO increase කරපුවම noise එන්න හේතුව තමයි, sensor එකට Signal amplify කිරීම. Amplify කරනකොට ඕනෑම දෙයක් මේ noise කියන දේ තියෙනවා. එකට හොඳම උදාහරණය තමයි Mic එකකින් එන Volume එක වැඩිකරාම එන ස්ස්…. ශබ්දය.
“There are always two people in every picture: the photographer and the viewer.” — Ansel Adams