සමාගමෙන් මේ කැමරාව release කලේ මෑතකදී. ඒ ගොල්ලෝ මේක විශේෂයෙන්ම recommended කරන්නේ Bloggers ලට Vloggers ලට සහ independent content creatorsලට කියලා තමා කියන්නේ..
එහෙනං බලමු ඒකට හේතුව මොකක්ද කියලා….
A6400 කැමරාව sony සමාගමෙන් වෙළඳපොලට හඳුන්වා දෙන්නේ A6300 කියන කැමරාවේ upgrade කල version එකක් විදිහට. ඉතිං ඕගොල්ලෝ දන්නවනේ හැම Sony MIrrorless කමරාවකම Tilt-up Screep එකක් තියෙනවා හැබැයි අංශක 180 වෙනකන් Tilt-up කරන්න පුළුවන් එකම කැමරාව තමයි කියන්නේ.ඒ වගේම තමා මේකේ Grip එකත් A6300 කැමරාවට වඩා හොඳට අතට අහුවෙන විදිහට වැඩිදියුණු කරලා තියෙනවා.
මේකේ battary එකේ වෙනසක් වෙලා නැහැ A6000/A6300/A6400- A7II, A7RII, A7SII කැමරා වලට එන සාමාන්‍ය FW50 කියන Barttary එකම තමා මේකටත් යොදාගන්නේ
A6400 කැමරාවේ AF Focusing Speed, A6500 කැමරාවට වඩා වැඩි දියුණු කරලා තිබුනත් A6500 කැමරාවේ තියෙන in-body stabilization එක මේකට එකතු කරලා නැහැ 😥. ඒ කියන්නේ අපිට ළඟදීම A6500 කැමරාවට වඩා හොඳ කැමරාවක් දැකගන්න ලැබෙයි.
ඒ වගේම මේකට Real-Time Tracking” සහ “Real-Time Eye AF යන features දෙකම අලුතින් එකතු කරලා තියෙනවා. එත් එක්කම මේ කැමරාවේ Phase-detection AF points 425ක් සහ Contrast-detection points 425 ක් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ කැමරාවට වඩා දෙගුණයක් Contrast-detection points A6400 කැමරාවේ තියෙනවා කියන එකයි.
ඒ වගේම ආස කරනම හොඳම improvement එක EYE-AF shutter button එක half press කරද්දී වැඩ කරන්න තියෙන එක. ඒ වගේම ඔයාලට පුළුවන් A6400 කැමරාවේ firmware එක update කරගෙන Animal Eye focusing add කරගන්න. හැබැයි මේකෙන් තාම පුළුවන් ගෙදර ඉන්න බල්ලව පූසව විතරයි. අපි බලමු ඉස්සරහට sony සමාගමෙන් මේක සම්පූර්නයෙන්ම wildlife වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට වැඩි දියුණු කරයිද කියලා.

ඇත්තටම මේ කැමරාව වෙළඳපලට හඳුන්වලා දෙන්නේ වීඩියෝ කරන අය සඳහා, කලින් කිව්වා වගේ Vloggers ලව target කරගෙන. ඒ නිසාම මේකේ වීඩියෝ එක අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ තියෙන card එක full වෙනකන් record කරන්න පුළුවන්. ඒ නිසා මේ කැමරාව Vloggers ලට විතරක් Events කරන අයටත් සැහෙන ප්‍රයෝජනවත් වෙයි. ඒ කොහොම උනත් මේකේ headphone jack එකක් නම් නැහැ 🙄 . හැබැයි microphone jack එකක් තියෙනවා.
A6400 කැමරාවේ තියෙන අනිත් වාසිය තමයි Touch Focusing . ඒ නිසා අනිත් කාමරවල වගේ Button/ Joystick එහාට මෙහාට කර කර දඟලන්න ඕන නැහැ. ඇඟිල්ලෙන් ඔබල අපිට උවමනා තැනට එක ගන්න පුළුවන්.
ඒ වගේම මේකේ My Menu කියන එකෙන් උවමනා ආකාරයට 30 ව්දිහකට settings ( (focus area, focus mode, etc.) save කරලා තියාගන්න. එකත් මේ කැමරාවට අලුත් එකතු කරපු දෙයක්. 🤩
මගේ පුද්ගලික අදහස නම් මේක අලුතින් ගොඩක්ම හොඳ පටන් ගන්න අයට, Vloggers ලට සහ දැනටමත් A7SII වගේ වීඩියෝ කැමරාවක් තියෙන කෙනකුට backup කැමරාවකට වගේ. නමුත් තමන්ගේ කැමැත්ත අනුව මේක ඕනෑම වැඩකට පහසු ආකාරයට යොදාගන්න බැරි කමක් නැහැ. ඒ වගේම A6300 එකක් ගන්නවට වඩා මේ කාලයේ මේ වගේ කැමරාවකට invest කරන එක අනාගතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
මම ලඟදි ගත්ත portraits ටිකක් මගේ instagram 👇 එකේ දාලා තියෙනවා. එකත් බලලම යන්න. 😉
ඒ වගේම මගේ facebook Page එකේ තියෙන ෆොටෝ බලලා කැමති නම් Like එකක් දාන්නත් Instagram එකට ගිහිං Follow කරන්නත් අමතක කරන්න එපා. ❤️
Facebook Comments